අවුරුදු 12-15 අතර ළමුන් සඳහා එන්නත් ලබාදීම ජනවාරි 07 වැනිදා සිට

අවුරුදු 12-15 අතර ළමුන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 07 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එන්නත ලබා ගැනීමට බිය විය යුතු කරුණක් නොමැති බැවින් එම එන්නත ලබා දීම සඳහා දරුවන් යවන ලෙස ඔහු දෙමාපියන්ට ආරාධනා කළේය.

ඔවුන්ට ෆයිසර් එන්නත ලබා දෙන අතර එන්නත් කිරීමේ වැඩසටහන සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිදු කිරීමට නියමිතය.

වයස අවුරුදු 16 සිට 19 දක්වා වයස් කාණ්ඩවල නිරෝගී දරුවන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *