අවිශ්ක විශ්‍රාම ගැනීම පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසන්නේ තමන් කිසිදු ආකාරයක ක්‍රිකට් ක්‍රීඩාවකින් සමුගැනීමේ අදහසක් නොමැති බවයි.

තමන් විශ්‍රාම යාමට නියමිත බවට සමාජ මාධ්‍ය වාර්තා කිහිපයකට ප්‍රතිචාර දක්වමින් අවිශ්ක ප්‍රනාන්දු පහත ට්විටර් සටහනක් තබා තිබුණා.

“ආයුබෝවන් යාලුවනේ, මට කිසිම ආකාරයක ක්‍රිකට් ක්‍රීඩාවකින් සමුගන්න අදහසක් නැහැ. කරුණාකර මෙම ඕපාදූප සමාජ මාධ්‍ය පිටු අනුගමනය කිරීමෙන් හෝ විශ්වාස කිරීමෙන් වළකින්න,” අවිශ්ක ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *