අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීම – ජනපති කියයි

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගාබිම නිරීක්ෂණයට ඊයේ (23) පෙරවරුවේ එක්වෙමිනි.

කාබනික වගාවන් හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්විය.

එහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, “මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න, මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” යනුවෙනි.

සම්පූර්ණ නිවේදනය පහතින්,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *