මහේස්ත්‍රාත්

අලුතින් ඉදිකරන ලද මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි ජනතා අයිතියට පත් කෙරේ

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අභිනවයෙන් ඉදිකරන ලද මැදවච්චිය දිස්ත්‍රික්/ මහේස්ත්‍රාත් අධිකරණය සහ කහටගස්දිගිලිය දිස්ත්‍රික්/ මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (26) ජනතා අයිතියට පත් කරන ලදී.

අද මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.එච්.නන්දසේන, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වූහ.

මැදවච්චිය දිසා / මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල රු. මිලියන 157 ක් වන අතර කහටගස්දිගිලිය අධිකරණ ගොඩනැගිල්ල රු. මිලියන 102 කි. මෙම අධිකරණ දෙක මෙතෙක් පරිචාරක මහේස්ත්‍රාත් අධිකරණ ලෙස ක්‍රියාත්මක වූ අතර අද සිට ස්ථිර අධිකරණ ලෙස ක්‍රියාත්මක වේ.

අනුරාධපුර අධිකරණ කලාපයේ මිලියනයක පමණ ජනගහනයක් සිටින අතර සිවිල් නඩු 9084 ක් සහ අපරාධ නඩු 44733 ක් ඇත.

මැදවච්චිය පරිවාර අධිකරණයේ නඩු 3588ක් සහ කහටගස්දිගිලිය අධිකරණයේ නඩු 4001ක් පවතී. මෙම සංචාරක උසාවි ස්ථීර අධිකරණ බවට පත්කිරීමෙන් විභාග වෙමින් පවතින නඩු කටයුතු කඩිනම් කිරීමට හැකියාව ලැබේ.

වත්මන් රජයේ වැඩපිළිවෙලේ තවත් එක් අදියරක් ලෙස අධිකරණ සංකීර්ණ ඉදිකිරීමත් සමඟ නඩු ගොඩගැසී ඇති තත්ත්වය අවම කර නඩු කටයුතු කඩිනම් කර විසදුම් ලබාදීමේ අඩුපාඩු හඳුනා ගනිමින් දිවයින පුරා අධිකරණවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාදයකින් තොරව අවසන් කිරීම රජයේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *