සමගි

“අලුත් ලංකාව නිර්මාණය වුණාද?” – විපක්ෂ නායක

අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.

නගර සභා,පාර්ලිමේන්තු සහ ජනාධිපති බලය තියා ගෙන සිටියත් කිසිම දෙයක් සිදු නොවන බව කී විපක්ෂ නායකවරයා හරියට ක්‍රියාත්මක වෙන්නේ පාතාල සංස්කෘතිය පමණක් බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ නැගෙනහිර මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ඇද දමා තනි පක්ෂ පාලනයකට රට ගෙන යන බවද විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *