අලුත් අවුරුදු උත්සව පවත්වනවානම් ඊට අදාළ සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කරන්න

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා තවත් ඇත්තේ මාසයකට ආසන්න කාලයක් බැවින් එම කාල සීමාවට අදාළව පැවැත්වෙන අවුරුදු උත්සව සංවිධානයට ඉඩ ලබාදෙන්නේද, එසේ ලබාදෙන්නේ නම් ඒ සඳහා පුද්ගලයන් කීදෙනකුට සහභාගි විය හැකිද යන්න පිළිබඳව කරුණු ඇතුළත් කර සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් අවුරුදු උත්සව සංවිධානය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විවිධ අදහස් ලබාගැනීමට උත්සාහ දරන බැවින් මේ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම ඉක්මනින් කළ යුතුව ඇති බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *