අලුත් අවුරුද්දට පෙර දිවා රෑ වෙනසක් නැති අසීමිත අන්තර්ජාල පහසුකම්

දිවා රාත්‍රී යනුවෙන් වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල සැලසුම් එළැඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා සිටියි.

මීට අදාළව සන්නිවේදන ආයතනවලින් ලබා ගත් යෝජනා සැලකිල්ලට භාජනය කර අවසන් බවත් ඒ අනුව ඉදිරියේදී දිවා රාත්‍රී වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතින බවත් කොමිෂන් සභා ආරංචි මාර්ග වාර්තා කරයි. එමෙන්ම මෙම සැලසුම් යටතේ දැනට පවතින අන්තර්ජාල ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, සීමිත පැකේජයන් සඳහා දැනට පවතින ගාස්තුවලට සාපේක්ෂව අසීමිත පැකේජයන් සඳහා ද ගෙවිය යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *