අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කෙරේ

අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වලට ඇද හැලෙන මහ වැස්සත් සමඟින් ජලාශයේ ජල මට්ට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩිය බැගින් විවෘත කළ බැව් වැල්ලවාය වාරිමාර්ග ඉංජිනේරු චන්දිම සේනාරත්න මහතා පැවසීය.

අලිකොට ආර ජලාශය අක්කර අඩි 4,800 යුක්ත වන අතර අක්කර අඩි  3,652 දී පිටාර මට්ටමට පැමිණීමත් සමඟ මෙලෙස මෙලෙස වාන් දොරටු විවෘත කර ජලය කිරිඳි ඔයට මුදා හැර ඇත.

මෙම නිසා වැල්ලවාය වේවැල්කඳුර මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු ඇණ හිට තිබේ. තවද කිරිඳිඔහේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.මෙම තත්වය මත කිරිඳිඔය දෙපස සහ අලිකොටආර ජලාශය දෙපස ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස ඒ මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *