අරුණගේ විශ්වාසභංගය: කතානායකගේ මතය හෙට මැතිසබේට

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර  මහතාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙනු ලැබූ  විශ්වාස භංග යෝජනාව  සම්බන්ධයෙන් කතා නායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

එම විශ්වාස භංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාර දෙනු ලැබීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවූ සමයේදී ජයසේකර මහතා මඩකලපුවේ හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති හෙයින්  ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළහොත් එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බවට විපක්ෂය මෙම යෝජනාවෙන්  චෝදනා කරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් එම යෝජනාව කතානායකවරයාට භාර දුන්නේ පසුගිය අගෝස්තු මස 12 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *