අරලියගහ මන්දිරයේ ගැටුමකින් විරෝධතාකරුවන් 10 දෙනෙකුට තුවාල…

කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් විරෝධතාකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර ඉන් අනතුරුව විරෝධතාකරුවන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තුවාල ලැබූ විරෝධතාකරුවන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ජුලි 09 වනදා පැවති මහජන නැගිටීමේදී එම ස්ථානයට කඩා වැදී ආන්ඩු විරෝධී උද්ඝෝෂකයින් අරලියගහ මන්දිරය අල්ලාගෙන සිටිති.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, අගමැතිට සහ රජයට එරෙහිව මහජන විරෝධතාවක් ජූලි 09 වැනිදා කොළඹදී පැවැත්විණි.

කොටුව ජනාධිපති නිල නිවස, ගාලු මුවදොර පිටිය අසල පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයට මහජනතාව කඩා වැදී අල්ලා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *