අරක්කු මිල පහළට

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සහ නිෂ්පාදන සමාගම් අතර පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇත.

එහිදී කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ  මත්පැන් නිෂ්පාදන වියදම් අඩු කර ගල් අරක්කු බෝතලයක මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේවෙතත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගල් අරක්කු බෝතලයක මිල අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලා තිබෙයි.

මේ අතර, එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා  අදහස් පළ කර තිබුණි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පසුගියදා පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ භාණ්ඩ මිල මෙන්ම මත්පැන් මිලද අඩුවිය යුතු අතර එළඹෙන අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීම සඳහා උත්සාහ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *