අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ  වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී   සම්මත විය.

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන ඊයේ  (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශයේ  වැය ශීර්ෂය  (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යංශ  වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 101ක්ද විපක්ෂව ඡන්ද 09ක්ද හිමිවිය.

අනතුරුව,  පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (225) සම්බන්ධයෙන්ද  ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 100ක්ද විපක්ෂව ඡන්ද 02 ක්ද හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *