ගම්මන්පිල

අපි මේ අරගලය කරන්නේ තනතුරු අවදානමට දාලා -ගම්මන්පිල

ආණ්ඩුව සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා අභ්‍යන්තර ගැටලු ඉන් පිටතදී සාකච්ඡා කිරීමට සිදු වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය” ආරම්භ කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය” ස්ථාපිත කිරීමේ උත්සවය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි.

“අපි ආයෝජනවලට විරුද්ධ නෑ. අයෝජන මේ රටට අත්‍යාවශ්‍යයි. විදේශ ආයෝජන ලබාගැනීම හරහා රටේ පවතින ටෙන්ඩර් ක්‍රියාදාමයට තියෙන මහජන විශ්වාසය පළුදු වෙනවා නම්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම්, අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට තර්ජනයක් වෙනවා නම්, එන්න එවැනි ආකාරයේ ආයෝජන ගිවිසුම්වලට අපි විර්ද්ධයි. වාසනාවට සමහරු බලනවා ඇති මේ කෑගහන අය යවා ගත්තාහම කෙරෙන වැරුද්ද සද්ද නැතිව හොඳට කරගන්න පුළුවන් කියලා.”

ප්‍රශ්නය – මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ප්‍රශ්නගත තත්ත්වයන් ඇතිවෙලා තියෙන නිසා ද?

“කොහෙද ප්‍රශ්න නැත්තේ ? අඹු සැමියන් අතරත් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මේ ආණ්ඩුව කියන්නේ පක්ෂ 16ක එකතුවක්. අභ්‍යන්තර සංවාදයක් නොවුනහම තමයි ප්‍රශ්න පිටාර ගලන්නේ.”

ප්‍රශ්නය – ඉදිරි වැඩපිළිවෙල කුමක් ද ?

“අපි ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. අපි දරණ තනතුරු අවදානමට ලක්කරලා තමයි අපි මේ අරගලය කරන්නේ. දැන්ටම පේන්නේ. මේ ගොල්ලෝ එළවා ගත්තොත් අපිට ඒ තනතුරු ගන්න පුළුවන් වෙයි වගේ හිතන අය යන්න යන්න කියන්නේ ඒකනේ.”

අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම චෝදනාවලට ප්‍රතිචාර දැක්වමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ අදහස් පළ කළේය.

“මේ කියන කැබිනට් පත්‍රිකා අනුව කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නෑ. විරුද්ධ වුණානම් සටහන් තියෙන්න ඕනේ. සන්ධාන හැදිලා තියෙනවා කැඩිලා තියෙනවා. කසාද වගේම තමයි. දික්කසාද වෙලා තව එකක් බැන්දට කමක් නෑ. මේකත් තියන් ඒකත් බැන්දාම තමයි ප්‍රශ්නේ.”

මේ පිළිබඳ අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, සාගර කාරියවසම් මහතා,

“වැඩි මිලට LNG සපයන්න යන සමාගම්වල අවශ්‍යතාවයට මෙවැනි දෙයක් කරන්නේ, මොකද කියන එක මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. එවැනි තැනකට රජය තල්ලු කරන්න උත්සහ කරන්නේ කාගේ අවශ්‍යතාවයකට ද? මෙන්න මේ කාරණය ඇතුළේ කොච්චර හොරු ඉන්නවා ද කියන එක මේ රටේ ජනතාවට තේරුම් ගන්න අපහසුතාවයක් නෑ. මේ LNG බලාගාරය ඉක්මනින් ක්‍රියාත්මක වුණොත් දැනට රු 19කට කිට්ටු මුදලකට යුනිට් එකක් මිල දී ගන්න විදුලිය රු 10 – රු 11ත් අතර, මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ කාරණයට විරුද්ධ වෙනවා නම් ඇයි මේකට විරුද්ධ වෙන්නේ. කවුද මේක පිටුපස්සේ ඉන්නේ ? මොකද්ද ඒයට තියෙන ප්‍රතිලාභය කියලා මේ රටේ ජනතාව ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ.”

ප්‍රශ්නය – වෙන අවස්ථාවලදී මහ ලේකම් දැඩි ලෙස විවේචනයට ලක්කරනවා ඇයි නිහඬ ? බයවෙලා වගේ ද?

“කිසිම බයවීමක් නෑ. කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩකිරීමක්. ඒ වගේම අපි කියන්නේ සමහර අය ‘අසික්කිත’ වැඩ කරනවා කියලා. අන්න ඒවගේ වැඩක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *