“අප්‍රේල් අලුත් අවුරුද්දට අපි මහජනතාවට විශාල සහන දෙනවා” අමාත්‍ය බැසිල්

අමාත්‍ය මණ්ඩලය එකඟ වුවහොත් නව අයවැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පැවසීය.

අයවැය සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඉදිරිපත් කළහොත් එළැඹෙන අප්‍රේල් අලුත් අවුරුදු උත්සවවලදී මහජනතාවට ලබාදෙන සහන කිහිපයකින් නව අයවැය සමන්විත වනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

සහන සහිතව නව අයවැය ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස එකඟ වන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

සංවර්ධන කටයුතු සඳහා වන වියදම් කපා හරිමින් නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ නායකයින් රැසක් රජයෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *