අපරාධ මැඩලීමට පොලීසිය, STF හා යුද හමුදාව එක්ව දිවයින පුරා මෙහෙයුම්

රටේ පවතින අපරාධ රැල්ල මැඬලීමට ශ‍්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව සමඟ දිවයිනම ආවරණය වන පරිදි දිවා රාත‍්‍රි හදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම්දීමකින් තොරව ශ‍්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව සමග එක්ව මෙම විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවයි. එහිදී අපරාධකරුවන්ට පලා යෑමට ඉඩ නොදී ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බව ඒමහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *