අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (07) අළුයම එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන් හට වෙඩි තැබීමක් සිදු කර තිබේ. අනතුරුව පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගිය සැකකරු ගොනාකෝවිලේ රාජා නැමැත්තෙක් වන අතර ඔහු වයස අවුරුදු 50ක් පුද්ගලයෙක් වේ. මොහු රත්මලාන, මොරටුව ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු බවත් ඔහු විවිධ නම්වලින් පෙනී සිටි අයෙකු බවත් අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *