අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දාන්න විපක්ෂයෙන් කුමන්ත්‍රණයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සඳහා විපක්ෂය දේශපාලන කුමන්ත්‍රණයක යෙදී සිටින බව වෙළෙඳ,වානිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවැසීය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන විටම රටේ අධ්‍යාපනය අවසන් යැයි මතයක් විපක්ෂය කියන්න උත්සාහ කළා.ඊට පස්සේ ඒ මතය ආගමට ගෙනාවා.මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක විවිධත්වයන් පවා විකෘති කරන්න පටන් ගත්තා.පහත් මට්ටමේ බොරු අවලාද නැගුවා.රටේ විපක්ෂ නායක කතා කළ යුත්තේ වගකීමෙන්.හය වසර බුද්ධ ධර්මය පොතේ ධර්ම  චක්‍රයත් වෙනස් කරලා යැයි ඔහු කිව්වා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමේ කුමන්ත්‍රණයේ කොටසක් ලෙසයි ඔහු මෙය කළේ.අප පොතට ඇතුලත් කළේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පාවිච්චි කළ ධර්ම චක්‍රය.එහෙම තියෙද්දි විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ බොරු කිව්වා.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම විපක්ෂයේ දේශපාලන කුමන්ත්‍රණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *