Skip to content

අධ්‍යාපනයේ දරුවන්ට අයිති පංගුව දිය යුතුයි

අධ්‍යාපනයට වෙන් කරන පිරිවැයෙන් ළමයින්ට අයිති පංගුව ඔවුන්ට ලැබෙනවාද කියන ප්‍රශ්නයක් තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කීවේ අධ්‍යාපනය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අරඹමිනි.

“කිසිම රටක එකවර අධ්‍යාපන ක්‍රමය යටිකුරු කරන්න පුළුවන් කමක් නෑ.අපට කළ හැකි වන්නේ පවත්නා භාවිතයන් අවශ්‍ය යැයි පෙන්නුම් කරන වෙනස්කම් ඇති කරමින් වැඩි දියුණු කිරීමයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අභිප්‍රාය විය යුත්තේ පාසලින් සහ සෙසු අධ්‍යාපන ආයතන වලින් ලබා දෙන ඉගෙනුම් අත්දැකීම් වල සහ එම ඉගෙනුම් අත්දැකීම් ලබා දෙන ක්‍රමවේද වල තත්ත්වය ප්‍රවර්ධනය කිරීමයි.එමෙන්ම සිසුන්ට අධ්‍යාපනය ලබාදීමට අප ලොකු පිරිවැයක් දරනවා.හැබැයි ඒ පිරිවැයෙන් ළමයින්ට අයිති පංගුව ඔවුන්ට ලැබෙනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා.එම නිසා අධ්‍යාපනයට දරණ පිරිවැයෙන් දරුවන්ට හිමි පංගුව ලැබිය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com