අද සිට සහන මිලට සහල්

සහන මිලට සහල් අලෙවි කිරීමේ වැඩසටහන ස.තො.ස., සමුපකාර හා සුපිරි වෙළෙඳසල් ජාලය හරහා අද (01) සිට ක්‍රියාත්මක වේ. මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසන්නේ මෙම වැඩපිළිවෙළ ප‍්‍රාදේශීය මට්ටමේ තිබෙන වෙළෙඳසැල් හරහාද ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම වැඩපිළිවෙළත් සමගම අද (01) දිනයේ සිට සතොස වෙළෙඳසැල්, සමුපකාර හා දිවයින පුරා පිහිටි සියලූ සුපිරි වෙළෙඳසැල් හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 97ටත්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93ටත් මිලදී ගැනීමට හැකියාව ජනතාවට ලබා දෙන බවත්, අවශ්‍ය සහල් තොග වී අලෙවි මණ්ඩලය හරහා එම වෙළෙඳසැල් වෙත යවා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කර සිටියි.

ඉදිරියේදී ප‍්‍රාදේශීය මට්ටමේ සියලූ පෞද්ගලික වෙළෙඳසැල් වලටත් මෙම සහල් තොග ලබාදීමට කටයුතු කරන බවත්,
ඉදිරි මාස තුනක කාලයක් මේ අයුරින් අඩු මිලට සහල් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *