අද කාලගුණය

සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40 – 50 දක්වා වන තරමක තද සුළං ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *