අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශන කඩිනම් කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩල 25ක් පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
2016 අංක 14 දරන පනතේ විධිවිධාන අනුව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කර ඇති බව රජය පවසයි.
මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඇති අතර එම කාර්යාලවලට අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 14,988ක් ලැබී ඇත.
පනතේ විධිවිධානවලට අනුව විධිමත් පරීක්ෂණ පවත්වා අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම ඇතුළු විශාල කාර්ය භාරයක් මෙම කාර්යාලයට ඉටු කළ යුතු බව රජය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මෙම පැමිණිලි විභාග කිරීම කඩිනම් කර කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩල 25ක් පත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.