අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැන තීරණාත්මක සාකච්ඡාවක්

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශයේදී අද පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

එහිදී කොළඹ වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනිම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.

වෙළෙඳ අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේ, කොළඹ වරායේ සිර වී ඇති වී අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 14ක මුදලක් අවශ්‍යව පවතින අතර ඉන් ඩොලර් මිලියන 5ක මුදලක් මුදා හැර ඇති බවය.

කෙසේවෙතත් එම මුදල් මෙතෙක් ලැබී නොමැති අතර අදාළ බැංකු විසින් භාණ්ඩ නිදහස් කර ගැනීමට අවශ්‍ය ලිපිලේඛන නිකුත් කිරීමද සිදුනොකරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේය.

ඒ අනුව මේසම්බන්ධයෙන් අද දිනයේදී අමාත්‍යවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට කටයුතු කරන බව එම සංගමය සඳහන් කළේය.

සහල්, සීනි, පරිප්පු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්  1,000කට වැඩි සංඛ්‍යාවක් තවදුරටත් කොළඹ වරාය පරිශ්‍රයේ නිදහස් කර ගත නොහැකිව පවතින බව වාර්තා වේ.

නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවැති උත්සවයකට සහභාගී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.

ප්‍රශ්නය –  කිරිපිට හිඟයක් පවතිනවා නේද ?

“ප්‍රධාන එක් ආයතනයක් තමයි වෙළෙඳපොළේ සියයට 70කට ආසන්න ප්‍රමාණයක් ලබාදෙන්නේ. ඉතුරු 30%ට තවත් සමාගම් කිහිපයක් විසින් වෙළෙඳපොළට ලබාදෙන්නේ. ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ආනයනය සීමාවෙලා තියෙනවා. ඒ නිසා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම අඩු නිසා තමයි හිඟය ඇති වෙලා තියෙන්නේ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *