අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ලබන සඳුදා සිට පහළට

එළැඹෙන සඳුදා සිට සහල්, සීනි, කිරිපිටි, කඩල, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. ඒ අනුව මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස, සමුපකාර හා කෝප්සිටි අලෙවිසැල් මගින් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.

මෙම මිල අඩු කිරීම් සිදු කර ඇත්තේ ඉදිරි මාස තුනක කාලයක් භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ අරමුණින් බවත්, මේ සඳහා රජයේ පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන් හා සෘජු ආනයනකරුවන්ගේ සහාය ලැබුණු බවත් ඇමැතිවරයා පැවසීය. මෙම මිල අඩු කිරීම් වලට යටත් වෙන භාණ්ඩ හා ඒවායේ මිල ගණන් පහත පරිදි වේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 1ක මිල මෙලෙස සංශෝධනය වේ.

රතු කැකුළු රු. 93 යි
සුදු කැකුළු රු. 93 යි
සුදු නාඩු රු. 96 යි
සම්බා රු. 99 යි,
කීරි සම්බා රු. 125 යි,
තිරිගු පිටි රු. 84 යි,
සුදු සීනි රු. 99 යි,
දුඹුරු සීනි රු. 125 යි,
රතු පරිප්පු – ඕස්ටේ‍්‍රලියන් රු. 165 යි,
ලොකු ලූනු – ඉන්දියන්/පකිස්තාන් රු. 120 යි,
අර්තාපල් – දේශීය රු. 180 යි,
අර්තාපල් – පකිස්තාන් රු. 140 යි,
කඩල රු. 175 යි,
වියළි මිරිස් රු. 495 යි,
හාල්මැස්සන් – තායි රු.575 යි,
කුකුළු මස් – සම සහිත රු. 400 යි,
ලූණු (කි‍්‍රස්ටල් අයඩයිට්) රු. 43 යි,

මීට අමතරව,
කිරිපිටි ග්‍රෑම් 400 රු. 355 ක්,
සෝයා තෙල් මිලිලීටර් 500 රු. 310 ක්,
රෙදි සෝදන සබන් – බී.සී.සී ග‍්‍රෑම් 115 රු. 43 ක්,
රෙදි සෝදන / බාර් සබන් ග‍්‍රෑම් 650 රු. 260 ක්,
සුවඳ සබන් – බීසීසී ග‍්‍රෑම් 100 රු. 56 ක්, ‍
දෑත් සෝදන දියර මිලිලීටර් 100 රු. 250 ක්,
මුව ආවරණ (සහතික ලත්) රු. 14 ක්.
තේ නො. 01 ග‍්‍රෑම් 100 පැකට් රු.95 ක්,
ටින් මාළු – දේශීය ග‍්‍රෑම් 425 රු.220 ක්,
ටින් මාළු – ආනයනික ග‍්‍රෑම්. 425 රු.265 ක් වශයෙන්ද මිල ගණන් අඩු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *