අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව යාන්ත්‍රණයක්: ඉන්ධන පිරවුම්හල් 120කට අධික ප්‍රමාණයක් තෝරාගනියි.

අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් 120කට අධික ප්‍රමාණයක් තෝරාගෙන ඇත.

මේ සඳහා තෝරාගෙන ඇති ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කර ඇත.

සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉන්ධන පිරවුම්හල් තෝරාගෙන ඇති අතර ඒවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් අනුමත කර ඇති බව එම කාර්යාලය පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *