අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කරයි.

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩොලර් මිලියන 100ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය පිළිබඳව අවධානය යොමු කරමින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මේ සඳහා වහාම ඩොලර් මිලියන 100 ක අරමුදල් ලබා දීමට එකඟ වී ඇති බව රජය පවසයි.

කොළඹ නාගරික පුනර්ජනනීය ව්‍යාපෘතියට සහ බැංකුව විසින් අරමුදල් සපයනු ලබන අවම කිරීමේ පියවර මගින් නායයෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියට සහාය වීම සඳහා ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කිරීම මගින් මෙම අරමුදල් ලබා දීමට නියමිතය.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට ආධාර කිරීම සඳහා ව්‍යාපෘතියෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් ද, අවම කිරීමේ පියවර මගින් නායයෑමේ අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදලක්ද අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා යෙදවීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *