අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .

ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් නිදහස් කිරීමේදී එවැනි වියදම් වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

එහෙත්, තවදුරටත් අක්මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනමක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇති බැවින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක්මුදල් නිදහස් කිරීම පිණිස මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම සඳහා මුදල්, ආර්ථික සංවර්ධන. ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *