අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැති බව වෙළෙඳ ඇමැති පවසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිම හිගයත් ඇති වන්නේ නැති බවත් රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ අැති තරම් තිබෙන බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එහෙත් අනවශ්‍ය ලෙස නිවාස වල තොග රැස් කරගෙන සාමාන්‍ය ක්‍රියාවලියට බාධා නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් පසුගිය කාලයේ ඇති වුවත් ඒ නිසා බියට පත් ජනතාව භාණ්ඩ තොග රැස්කර ගත් බවත් පැවසූ අමාත්‍යවරයා ඒ නිසා නැවතත් භාණ්ඩ හිගයක් වර්ධනය වීමට බලපෑ බව ද පැවසීය.

තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම ඉල්ලීම කරන ලදී වෙළඳ අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *