අගමැති බැංකු ප්‍රධානීන් හමුවෙයි.

අපනයනය මූලික කරගත් ආර්ථිකයක් මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපනයන කර්මාන්තයට සහාය විය හැක්කේ මෙම ප්‍රතිපත්තිවලට පමණක් බව ඔහු පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, අද (26) පෙරවරුවේ බැංකු ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බව ය.

ඉදිරියේදී දේශීය මෙන්ම විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වත්මන් ගෝලීය අර්බුදය තුළ රටවල් හැත්තෑවක් පමණ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එම රටවල් අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇති බව පැවසීය.

“ජාත්‍යන්තර පොලී අනුපාත ඉහළ යාමේ ඉහළ අවදානමක් තිබෙනවා. ජාත්‍යන්තර ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමේ අනතුරත් මේ මොහොතේ නිරීක්ෂණය වෙමින් පවතින බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කළහොත් එහි බලපෑම අවම කර ගත හැකි කුඩා කවුළුවක් ශ්‍රී ලංකාවට ඇති බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණෙන තෙක් මෙම ගැටලුවලට නිශ්චිත විසඳුමක් සෙවීම දුෂ්කර බවයි.

අත්‍යාවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මත ණය කල්දැමීමේ සහන ලබාදීම කෙරෙහි අවධානය යොමු වූ බව බැංකුව පවසයි.

මහබැංකු අධිපතිවරයා ඇතුළු දෙස් විදෙස් බැංකුකරුවන් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *