අගමැතිගේ ලිපියට හිටපු ජනපති මෛත්‍රී පිළිතුරු දෙයි.

නව රජය ගන්නා ඕනෑම නිවැරදි තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ලිපියට ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබාදී තිබේ.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නව රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සිය ලිපියෙන් ඉල්ලා තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පිහිටුවන නව ආණ්ඩුවේ අමාත්‍යාංශ භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය හෙට රැස්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *