අංගොඩ ලොක්කාගේ DNA සාම්පලයක් ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දියාවේ මිය ගිය බව සැලකෙන අංගොඩ ලොක්කා නමින් හැදින්වෙන සංවිධානාත්මක අපරාධකරුවා නිශ්චිතවම තහවුරු කර ගැනීමට ඔහුගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් ලබා දෙන ලෙසට ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසා සිටියි.

අංගොඩ ලොක්කා කළුතර එඑතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඉන්දියාවට පලා ගිය බවට සැලකෙන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කර තිබිණි.

අනතුරුව 2020 වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගිය බව කියන අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් එරට රැඳී සිටි බවටත් වැඩිදුර තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *