අංක තහඩු වල අවසාන ඉලක්කම් මත පදනම් ව ඉන්ධන ලබාදීමට සාකච්ජා කරයි.

පෞද්ගලික වාහන සඳහා ඉන්ධන සඳහා අංක තහඩුවේ අවසාන අංකය අනුව කෝටා ක්‍රමයක් ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

පොදු ප්‍රවාහනය, ත්‍රිරෝද රථ, වෙනත් ප්‍රවාහන සේවා සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා දැනටමත් විවිධ ක්‍රම ක්‍රියාත්මක කර හෝ යෝජනා කර ඇති අතර, පුද්ගලික භාවිතය සඳහා භාවිත කරන පුද්ගලික වාහන සඳහා පමණක් මෙය යෝජනා කර ඇත.

“සියලුම පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 2ක් වෙන් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. උදාහරණයක් වශයෙන්, සතියේ දින දෙකක් වෙන් කරන්නේ අංක තහඩුවේ අවසාන අංකය අනුවයි” ඔහු අද මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

“එබැවින්, උදාහරණයක් ලෙස, අංක තහඩුවේ 0,1 සහ 2 ලෙස අවසාන ඉලක්කම් ඇති වාහන සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල ඉන්ධන ලබා ගැනීමට ඉඩ දිය හැකිය. අනෙකුත් ඉලක්කම් සඳහා ද එය එසේම වේ,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති නමුත් සීමිත ඉන්ධන තොග කළමනාකරණය කිරීමට සහ ඉන්ධන පෝලිම්වල තදබදය අවම කිරීමට සමාන දෙයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *