සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත්වලින් සියයට 13ක් පමණක් භාවිත කර ඇති බවත් ඉතිරිය කල් ඉකුත් වූ දිනට පසුව විනාශ කළ බවත්ය.
වසංගතය පාලනය වන විට කොවිඩ් වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා දීමෙන් අතුරු ආබාධ නිසා වෙනත් රෝග ඇතිවේය යන දුර්මතය නිසා ජනතාව ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් ඈත් වූ බවත්, එය විශාල එන්නත් තොගයක් අපතේ යාමට හේතු වූ බවත් ඔහු පැවසීය.
රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කර එන්නත්වල ඉතිරි තොගය කල් ඉකුත්වීමට පෙර මිත්‍ර රටවලට ලබාදීමේ හැකියාව සොයා බැලුවද ගබඩා පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුණි.
වලංගු කාලය අවසන් වූ එන්නත් විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, කල් ඉකුත් වූ ඖෂධ විනාශ කිරීම පුරුද්දක් වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එය සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි නමුත් එය අවම මට්ටමට අඩු කිරීමට ඵලදායී යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ඔහු පැවසීය.