කොවිඩ් මර්දනයට නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරියේදී පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත බවත්, මෙරට ජනගහනයෙන් 20%ක් දෙනාට මෙම එන්නත ලබාදීම සඳහා එකඟ වී ඇති බවටත් වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරන්නේ සෙන්ට්‍රිගේට් අංශක -70 උෂ්ණත්වයක් යටතේ ගබඩාකොට තැබිය යුතු එම එන්නත සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් සකස් කිරීම පිළිඹදව මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවයි.
ලේකම් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ පෞද්ගලික අංශයේ ඇතැම් රෝහල්වල මෙම ශීතාගාර පහසුකම් පවතින බවත් රජයේ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් හෝ එන්නත ගබඩා කර තබාගැනීමේ පහසුකම් ඇති කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බවයි.