හෝමාගම අවට පදිංචිකරුවන්ට දැනුම්දීමක්

හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇත.

කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි පරීශ්‍රමයක් දරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *