හොර සල්ලි සමග හතරක් මාට්ටු

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු  අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු මගින් හබරණ ප්‍රදේශයේදී රුපියල් පන්දාහේ නෝට්ටුවක් සංසරණය වීම පිළිබඳ පොලිසියට ලද තොරතුරක් අනුව මෙම සැකකරු හරහා අනෙකුත් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර, හබරණ ප්‍රදේශයට පැමිණ ඒවා මාරු කරගෙන ඇති බවටත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවද හබරණ පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *