බිමල් දුම්රිය ලොක්කන්ට දෙහි කපයි

දුම්රිය සේවයේ  රාජකාරී කටයුතු නිසියාකාරව   ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත්ව ඇති බවද   ඔහු  කීවේය. අමාත්‍යවරයා එසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශයට  අයත් රාජ්‍ය ආයතන වල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය ඔයාලගේ කෝච්චි වල ජනෙල් වහන්න බෑ. ජනතාව කියනවා ඒවා හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ කරන්නෙ නෑ.වොෂ්  රූම්වල වතුර නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *