හෙට සිට මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

හෙට (08) සිට සියලු දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා ලංගම සතු සියලු බස් රථ හෙට සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම සියලුම කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *