ඉල්ලුම අඩු බැවින් අද දිනයේ කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මේ අතර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේ, හෙට (පෙබරවාරි 21 සඳුදා) දකුණු පළාත තුළ පැය 1 සිට පැය එකහමාරක් දක්වා පමණක් විදුලිය කප්පාදු කරන බවයි.
දකුණු පළාතේ විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන හෙට දහවල් 12.00 ට පෙර දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.
අනෙකුත් සියලුම පළාත්වලට බාධාවකින් තොරව විදුලිය ලැබෙන බව ඔහු පැවසීය.