හෘද රෝගීන් 9600 සැත්කම්වලට පෝලිමේ

කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා 9600කගේ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මේ අනුව එම සත්කමක් කර ගැනීමට අයකුට වසර පහක් බලා සිටීමට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එසේම එන්ජියෝග්‍රෑම් පරීක්ෂාව සඳහා පන්දහසක පෝලිමක් පවතින බව පැවැසූ අමාත්‍යවරයා අයකුට එම පරීක්ෂාව කරගැනීමට මාස හතක් බලා සිටීමට සිදුවන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *