හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පැවසීය.
ඇය පෙන්වාදෙන්නේ 2020 වසරේ දී රජයේ රෝහල්වල සිදුවු මරණවලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය මෙම අදහස් පළ කළාය.
“2021 මේ හේතුවෙන් රජයේ රෝහල්වල රෝහල්ගත වන සංඛ්‍යාව සහ මරණ දෙකම සඳහන්වෙලා වයස අවුරුදු 18 – 28යි අතර වගේම අවුරුදු 29 – 39 අතරත් කාන්තා පිරිමි දෙගොල්ලෝම ischemic heart disease නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන කට්ටියක් මියගිහින් තියෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.”
මේ අතර බහුලව පවතින රෝගී තත්වයන්ට අවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේද හරහා ලබාගැනීමේ ක්‍රියාවලියේ දුර්වලතා රැසක් පවතින බව සෞඛ්‍ය විද්වත් වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.