අලුතින් සොයාගත් ශ්‍රී ලංකාවට ආවේණික හූනන් කිහිපදෙනෙකුට ගෝඨයිම්බර, නන්දිමිත්ර, කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේගෙදර, බූටෑවේරටේ රාළ සහ හිටි හාමි යන ජාතික වීරයින්ගේ නම් යෙදීම විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
.ජාතික වීරයින්ගේ ප්‍රෞඩත්වයට එයින් අගතිදායි අදහසක් මතුවන බව මේ ගැන විවේචනය කරන බොහෝ අයගේ අදහස වී තිබේ.
හූනන්ට නම් දැමීමට අවශ්‍ය නම් සජිත්, රනිල්, මංගල වැනි නම් සුදුසු යැයි ද වීරවංශ මහතා යෝජනා කළේය.
නමුත් වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ වීරවරයින්ට ගෞරව කිරීමට මෙය කළ බවකි.
වන ජීවී පිරිස මෙතරම් මෝඩද? ජාතික වීරයන්ට ගරු කරන්නේ මෙහෙමද?
ඇත්තටම ඒක ගෞරවයක් තමයි. ඒක තේරුම් ගන්න තරම් පළල් මානසිකත්වයක් නැති ගෝත්‍රික ජනතාවක් ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.
හපොයි