ඩුබායි සිට ක්‍රියාත්මක වන ‘හීනට්යන මහේෂ්’ නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු වන 25 හැවිරිදි සැකකරුවෙකු T56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මීගමුව කුඩාපාදූව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකළ බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.
වැටලීමේදී කිසියම් අපරාධයක් සිදුකිරීමට සූදානමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ‘හීනත්යන මහේෂ්’ට අයත් ටී 56 ගිනි අවියක්, මැගසින් 03ක් සහ පතොරම් 87ක්, මිලිමීටර් 8 පිස්තෝල සහ වෙඩි උණ්ඩ 15ක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
සැකකරුගෙන් සොයාගත් ටී 56 ගිනි අවිය පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකදී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමට යොදාගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.
එමෙන්ම මෙම ගිනි අවිය දකුණු සහ බස්නාහිර පළාත්වලද අපරාධ සහ මිනීමැරුම් සඳහා භාවිත කර ඇති බවටයි අනාවරණ වුණේ.