LK reports news sinhala

හිස්බුල්ලාගෙන් අභියෝගයක් : නැගෙනහිර ශරියා සරසවිය විවෘත කරන දිනයත් කියයි

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකෙරෙන හිස්බුල්ලා විශ්ව විද්‍යාලය 2020 වසරේ ජනවාරි 3වැනිදා විවෘත කරන බව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා පවසයි.

මෙම විශ්ව විද්‍යාලය කිසිසේත් රජයට පවරා ගැනීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කරමින් රජයට අභියෝග කරයි. මෙම විශ්ව විද්‍යාලය සෑදීමට සෞදියේ තහනම් ත්‍රස්ත සංවිධානයකින් මුදල් ලැබී ඇති බවද පසුගියදා අනාවරණය විය.

මෙම විශ්ව විද්‍යාලය තුළ අධ්‍යයන පීඨ 6ක් ඇති බවත් මෙහි ශරියා නීතිය ඉගැන්වෙන බවද කියවේ. නමුත් හිස්බුල්ලා සඳහන් කරන්නේ ශරියා නීතිය මෙහි උගන්වන්නේ නැති බවයි. නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි ගොස් කළ නිරීක්ෂණයකින් පසු එළිදැක්වූ වාර්තාව අනුව මෙය රජයට පවරා ගැනීමට යෝජනා කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *