හිටපු LTTE සාමාජිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

සිවිල් යුද සමයේදී සැකකරුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනා 2022 පෙබරවාරි 28 වැනි දින විභාගයට ගන්නා ලදී.

තංගවේලු නිමලන් නමැති සැකකරු සිවිල් යුද සමයේදී එල්ටීටීඊ බුද්ධි අංශයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු 2011 වසරේ කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.

RDX කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා බරපතල සිරදඬුවම් නියම කර තිබුණි.

සැකකරුට එරෙහිව තවත් චෝදනා 4ක් ද එල්ල වී ඇති අතර ඒවා අධිකරණයේ විවාදයට ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *