අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ රුපියල් කෝටි 1000ක මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබූ බවයි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් පිරිසක් සන්තකයේ තිබූ රුපියල් මිලියන 72 ක මුදලක් එම නිලධාරියා විසින් සැකකරුවන්ගෙන් වංචා කර තිබුණා.
සිද්ධිය වාර්තා වී ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කළ අවස්ථාවේදීය.
නයිජීරියානුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ වැදගත් ලිපි ලේඛන කිහිපයකට අත්සන් තැබීම සම්බන්ධයෙන් හිටපු උසස් පොලිස් නිලධාරියාට එරෙහිව වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සොරාගත් මුදල් නැවත නයිජීරියානුවන්ට ලබාදීමට උත්සාහ කරන බවට විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.