හිටපු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට හා හරීන් ප්‍රනාන්දුට වාරණ නියෝගයක්

ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියේ සභාපති ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ එහි ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් යන අයට එම කොංග්‍රසයේ බැංකු ගිණුම්වලින් ණය මුදල් ලබාගැනීම හා චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දෙසතියක වාරණ නියෝගයක් අද (03) නිකුත් කළේය. මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබූයේ එම වෘත්තිය සමිතියේ සාමාජිකයින් දෙදෙනෙකු ගොනුකළ පැමිණිල්ලක් සලකා බලමින්.

එමෙන්ම එම වෘත්තිය සමිතියට අයත් වාහන දෙකක් පුද්ගලික පරිහරණයට යොදාගැනීම වළක්වාලමින් තවත් තහනම් නියෝගයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව නිකුත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *