හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිය රැකගන්න හයක් උසාවියේ

හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත.

එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු තවත්  පෙත්සම්  තුනක  පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය.

කතානායකවරයාට මීට පෙරද පෙත්සම් තුනක් ලැබී තිබිණ.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *