හිටපු ජනපති පලස්තීනයට ශෝකය පළකරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාල වෙත ගොස් ගාසා තීරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළකළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

“අපි කණගාටුව ප්‍රකාශ කරන්නයි පලස්තීන තානාපතිතුමන් හමුවෙන්න ආවේ. එතුමත් එක්ක කථා කරලා මේ යනවා.”

“අපි යුද්ධයට විරුද්ධයි. මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඕනේ.”    

මේ අතර ඊශ්‍රායල ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වන ලෙස ඉල්ලා මෙරට සිවිල් සංවිධාන රැසක් එක්ව කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට අද (16) විරෝධතාවක නිරත වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *