හිටපු ජනපතින්ගේ නිවාස ඉවත් කිරීමේ පනත මේ මස අග මැතිසබයට

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ජනතාවගේ ජන වරම ඉටුකිරීමකැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි අනවශ්‍ය වරප්‍රසාද කපන තවත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා කප්පාදු කෙරෙන පනත් කෙටුම්පතට  අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.

ජනපතිවරුන්ගේ වැටුප හෝ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති හෙයින් නව පනත් කෙටුම්පතෙන්  එම වරප්‍රසාදයට කිසිදු  බලපෑමක් ඇති නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *