හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සි.අයි.ඩී.යට

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඊයේ (27දා) ​අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබේ.

මෙම එන්නත් ගෙන්වීමට අනුමැතිය ලබා දුන් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙලෙස හිටපු අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව අද දිනයේදි  විජයදාස රාජපක්ෂ, නලීන් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක සහ නසීර් අහමඩ් යන හිටපු අමාත්‍යවරුන් මෙලෙස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *